(විෂය:-ඉතිහාසය / පාඩම:-අනුරාධපුර රාජධානි සමයේ පැවති ආගමික මධ්‍යස්ථාන)
බුදුදහම ලංකාවට පැමිණීමට පෙර ලාංකීය වැසියන් විවිධ ආගම් අදහන ලදී. උදාහරණ වශයෙන් ඉර හඳ වැනි ස්වභාවික වස්තූන්, යක්ෂයන්, නාගයින් විවිධ දෙවියන් උදෙසා පුද පූජා පවත්වන ලදී. එමෙන්ම බ්‍රාහ්මණ ආගමද ලංකාවේ පැවති බව ඉතිහාසයේ සඳන් වේ.
උදා:-
1.පණ්ඩුකාභය කුමරුගේ ගුරුතුමා කණ්ඩුල බ්‍රාහ්මණයායි.
2.වලගම්බා රජුගේ කාලයේ තීය නම් බ්‍රාහ්මණයෙක් කැරැල්ලක් ඇතිකරන ලදී.
3.හින්දු හා ජෛන ආගම්ද ලාංකීය ජනතාව අදහන ලදී .
4.හින්දු ආගමේ ප්‍රධානියා ශිව දෙවියන් වන අතර ලංනාවේ මහාතිත්ථ, ගෝකණ්ණ හා අනුරාධපුර ප්‍රදේශවල ශිව දේවාල පැවති බවට සාක්ෂි හමුවී ඇත.
5.බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර, ත්‍රිමූර්තිය හා පත්තිනි, ගණදෙවි ආදී දේව වන්දනා ජනප්‍රියව පැවති බවටත් සාක්ෂි ඇත.
6.හලාවත, මුන්නේශ්වරම්, ත්‍රිකුණාමලය, තිරිකෝණේශවරම්, අනුරාධපුරයේ ලඝුනේශ්වරම් ඇතුළු ශිව කෝවිල් පහක් තිබුණු බවටද තොරතුරු ලැබී අත.එසේම මෙම කෝවිල් දකුණු ඉන්දියාවෙන් පැමිණි අයගේ කටයුතු සඳහා ඉදි කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
7.තම පිය රජුගේ කාලයේ දකුණු ඉන්දියාවට ගෙනගිය සිරකරුවන් 12,000ක් ගෙන ඒමට ඉන්දියාව අක්‍රමණය කළ ගජබා ආපසු පැමිණියේ ඉන්දියාවෙන් පුද්ගලයන් 24,000ක් ද, පත්තිනි සලඹ ද, රැගෙන බව සඳහන් වේ.