• තිස්ස කුමාරයා දිගාමඩුල්ල ජනපදයට යවා එහි කෘෂිකාර්මික කටයුතු කර එම ප්‍රදේශය සංවර්ධනය කරන ලදී.
• ගැමුණු කුමරු කොත්මලේ සිටි කාලයේ දී කුඹුරු අස්වද්වා කෙත්වතු සරුසාර කරන ලදී.
• දසමහා යෝදයන් විවිධ ප්‍රදේශවලට යවා කෘෂිකාර්මික කටයුතු සිදුකරන ලදී.
• දුටුගැමුණු රජුගේ කාලයේ දියුණු විදේශ වෙළඳාමක් ද පැවතිනි.
• අවි ආයුධ නිශ්පාදනයද දියුණු තත්වයක පැවතිනි.
• උළු, ගඩොල් පිළිස්සීම රන් රිදී කර්මාන්තද මෙම යුගයේ දියුණු තත්වයක පැවතිනි.
• එනම් ඒ ගැන දන්නා ශිල්පීන්ද සිටින ලදී.
• දුටුගැමුණු රජතුමා රටේ අභ්‍යන්තර වෙළඳාම දියුණු කිරීමට කටයුතු කරන ලදී.
• ජනප්‍රවාදවල සඳහන් පරිධි මහියංගනයේ ඇති සොරබොර වැව දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දැයි සැලකේ.
• ඉහත කරුණු අනුව දුටුගැමුණු රජතුමා අප රටට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි.
Subscribe to:
Post Comments (Atom)
ඉතිහාසය පිළිබඳව උනන්දුවක් දැක්වීම බොහොම අගෙයි.
ReplyDeleteඒ වගේම සොරබොර වැව ගැන ජනප්‍රවාදයක් සඳහන් කරන්නම්,
සොරබොර වැව නිර්මාණය කරන ලද්දේ බුලතා යෝධයා විසිනුයි.
බුලතා යෝධයා විසින් මේ වැව නිර්මාණය කරත්, ගෞරවය ලැබෙන්නේ ඒ කාලේ රට කරවූ රජුටයි. ඒ නිසා එහි වරදක් නැහැ.
නමුත්, ජනප්‍රවාදය මෙයයි.
සොරබොර වැව නිර්මාණය කරන ලද නිසාවෙන් බුලතා යෝධයාට ඔහුගේ ප්‍රදේශය තුල විශාල ජන ප්‍රසාදයක් හිමිවූ බවත් ඔහු වටා විශාල පිරිසක් ඒකරාශී වුවා. ඔවුන් බුලතා යෝධයා තමන්ගේ නායකයෙකු ලෙස සලකන්න වුනා. මේ කරුණ නිසා දුටුගැමුණු රජතුමා බුලතා යෝධයා නිසා තම රාජ්‍යයේ එකමුතු බවට හානියක් වේ යැයි කල්පනා කල බවත්, උපන් සැකය නිසා බුලතා යෝධයා අන් යෝධයෙක් ලවා මරා දැමුනු බව ජනප්‍රවාදයේ සඳහන්.
මෙයින් ඔබේ සිතේ දුටුගැමුණු රජතුමා පිළිබඳව නිර්මාණය වූ ප්‍රතිරූපයට හානි කිරීමට සිතුවේ නැහැ. නමුත් ඉතිහාසය ඉගෙනීමේදී මෙවන් සිදුවීම් පිළිබඳ අවබෝධය යොමු කිරීම වැදගත්. ඒ වගේම මතක තබාගන්න මා පැවසුවේ ජනප්‍රවාදයක් පමණක් බවත්.
කෙසේ නමුත්, දුටුගැමුණු රජතුමා ලංකා ඉතිහාසයෙ අති දැවැන්ත ප්‍රතිරූපයක්. ලංකාවේ ආර්ථික තත්ත්වය නංවාලීමට මෙතුමාට උපකාර කරන ලද්දේ ඔහුගේ පියා සහ ඔහුගේ සොහොයුරා විසිනුයි. ලංකාව එක්සත් කිරීමේ සටනට අවශ්‍ය පසුබිම කාවන්තිස්ස රජතුමා නිර්මාණය කරන ලද්දේ කුඩා කල මෙතුමා තම පුතුන් දෙදෙනාගේ හැසිරීම නිරීක්ෂණය කරලා. "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියලා කියමනක් තියෙනවා නොවැ :)
ඉතින්, කාවන්තිස්ස රජතුමා දශමහා යෝධයන් ඇතුළු බලවත් යුධ සේනාවක් නිර්මාණය කිරීම පිළිබඳව සොයැ බැලුවේ නොමැත්තේනම්, දුටුගැමුණු රජතුමාගේ අරමුණ සාක්ෂාත් කරගැනීමට අපහසු වනවා නොඅනුමානයි.
ඒ වගේම ඔබට මේ කරුණු පරික්ෂා කර නිගමනයකට එළැඹීමට පුළුවන්. එනම්, ඒකීය රාජ්‍යක් තුළ ආර්ථික තත්ත්වය නිසැකයෙන්ම දියුණු වන බව.
ඔබ තවම දේශපාලන කරුනු පිළිබඳව අවධානය යොමු කරන්න තරම් වයසක නැති නිසා මම කියන්න උත්සාහ කරන දේ කියන්නේ නැහැ. ඔබව අවතක්සේරු කරනවා නොවේ. ඔබේ නිසි කාලය පැමිණි වහාම මා මේ පිභිබඳව තවදුරටත් හැකි තරමින් විග්‍රහ කරන්නම්. ඒ වගේම ඉතිහාස විශය සම්බන්ධයෙන් ඇති ඔබේ අවධානය අඩු කරගන්නනම් එපා.
ඔබට ජයෙන් ජය!
සුදාරක අයියේ, ඊයේ අපිට හොඳටම වැස්සා.
ReplyDeleteඅකුණු නිසා පරිගණකය දැම්මේ නෑ. අදයි ඔයාගේ සටහන දැක්කේ. ඔයාට ගොඩක් ස්තුතියි. සොරබොර වැව හැදුවේ බුලතා යෝධයා බව මමත් අසා තිබුණා. ඒත් මරවපු බව අහලා තිබුනේ නෑ.
අයියා කියන දේ දේශපාලනයද මම දන්නේ නෑ. ඒත් රටේ වෙන වෙනස් පාලන තිබුනොත් රට දියුණු නොවන බවනම් මටත් තේරෙනවා. ඒ නිසාම අපේ රට බෙදන්න නොදී තියා ගැනීමට අපි වගබලා ගතයුතු වෙනවා.
අනිත් දේ සුදාරක අයියේ, මේ බ්ලොග්වල තියෙන වැදගත්කම. මම ලියපු සටහනට ඔයාගේ අදහස් එකතු වුණාම ඒ සටහන තවත් වටිනාකමෙන් වැඩි වෙනවා. මමත් තව යමක් ඉගෙන ගන්නවා. මෙය කියවන තවත් අයත් වැඩි වැඩියෙන් ඉගෙන ගන්නවා. පරිගණකයේ වාඩිවෙලා 'ගේම්' ගහන කට්ටියත් ඒවා නවත්වලා ඒ වෙලාවේ මේ වගේ දේවල් කරනවානම් අගේ නොවෙද?
හරියට හරි. එක එක ක්‍රමවලින් ඒකකයක් පාලනය කරන්න ගියාම ඇතිවෙන ගැටළු වල නම් නිමක් නැහැ.
ReplyDeleteඔව් ඔව්. මේ ගේම් ගහ ගහ රටේ විදුලිය නාස්ති කරනවාට වඩා දෙයක් කරන්න පුළුවන් කියන එක තේරුම් ඇරගෙන වැඩ කරොත් නම් ඒ මොළෙන් ලංකාව සුර පුරක් කරන්න පුළුවන්! :-) පීඩනයක් ආවාම ඉතින් ගේම් එකක් ගහලා වින්දනයක් ලැබුවාට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇබ්බැහිවුනොත් නම් ඉතින් ජීවිතේ හමාරයි! :-D
A/L commerce කරනවනම්, කරන්න හිතනවනම් , නොදන්න තොරතුරු දැනගන්න ආසනම්..join with me
ReplyDeletewww.alcommerce.blogspot.com
great job
ReplyDelete👌👌👌💖
ReplyDeleteexcellent work
ReplyDeleteSuperb
ReplyDelete