හුඟ දවසකින් මොකුත් ලිව්වේ නෑ.
අද හිතුනා ලියන්න. මොනව ගැන ලියන්නද කියල හිතා ගන්න බෑ.
මේ දවස්වල තාත්ත ලියන පොතක තිබුණා හේන ගොවිතැන ගැන.
ඇත්තටම ඒක හරිම සිත්ගන්නා ගොවිතැන් ක්‍රමයක්.
මේ බලන්නකො, වගාබිම තෝරාගන්නා විදිහ.
"...හේන සඳහා තෝරා ගන්නා භූමිය දසවසරට මෙහා වගා නොකළ එකක් විය යුතුය. ‘කැන්තෙන් කෙටිය හැකි’ ප්‍රමාණයේ ගස් තිබෙන භූමියක් විය යුතුය. විශාල ප්‍රමාණයේ ගස් එනම් රූස්ස ගස් අවම විය යුතුය. පස හොඳින් සාරවත් විය යුතුය. අක්කර දෙකක පමණ භූමියක් එක් පවුලක හේන ලෙස තෝරා ගනිති. ..."
හේන කොටනව කියන්නේ කැලේ කපනවට. කැලේ කපන එක හොඳද?
" ..... අගෝස්තු මාසයේ අග ඇද වැටෙන මහ වැහි ආරම්භයට පෙර හේන් කෙටීම ආරම්භ කරයි. අහසේ ‘හුලං අත මාරුවන’ කාලය බලා තමන් තෝරා ගත් භූමියේ කැලෑව කපයි. අඩි 3ක් 4ක් පමණ දිග මිටක් සහිත ‘කැත්තක්’ මේ සඳහා භාවිතා කරයි. එයද ගමේ කම්මලේ නිෂ්පාදනයකි. මෙය ඉතා තියුණු මුවහතක් සහිත ආවුදයකි. එබැවින් වට අඟල් 5ක් 6ක් පමණ වූ ගහක් තනි පහරින් කපා දැමීමට හැකිය. මෙසේ කැලෑ කැපීමේදී ‘හා කං පෙත්තට’ කැපිය යුතුයැයි මතයක් තිබේ. මෙයින් කියවෙන්නේ කපා දැමූ ශාකයේ ඉතිරිවන කොටස ඉලිප්සාකාර හැඩයක් ගන්නා අතර එය හාවන්ගේ කනේ හැඩයට සමාන බවයි. කැලෑකපා දමා ඒවා වේලීමට ඉඩ හරී. ....."
උපුටා ගත්තේ තාත්තාගේ ගොනුවකින්.
තව තියෙනවා. පස්සේ දාන්නම්.
Subscribe to:
Post Comments (Atom)
ස්තුතියි මල්ලී ලිව්වට, මල්ලීගේ සටහන නැතිව පාළුවට ගිහින් වගේ තිබ්බේ. ඉතිං අපේ අය ඒදා හෙන් ගොවිතැන් කලේ ස්වාභාවික ධර්මයට එකඟව. ඒත් අද එය සිදුවන්නේ එහෙමත් වෙලාවක තමා.
ReplyDeleteනැවත පටන් ගත්තට සුබ පැතුම්.
ReplyDelete