Friday, September 19, 2008

වැවක කොටස්

වැව් බැම්ම

වැවේ ප්‍රධාන අංගයයි. එකිනෙකට ලංව පිහිටි කදුගැට දෙකක් යාකොට ගංගාව හරස් කොට බදිනු ලබන ශක්තිමත් බැම්ම වැව් බැම්ම‍ ලෙස හදුන්වයි.
මෙම බැම්ම නිසා ජලය එක්රැස් වීමෙන් වැවබිහිවේ.
රළපනාව
වැව් බැම්ම ශක්තිමත් කිරීමට හා සේදීයාම වලක්වා ආරක්ෂා කිරීමට වැව් බැම්මේ ඇතුල්පැත්තේ කාදමේ පැතලි කළුගල් පුවරු අතුරයි. එම කළුගල් පුවරු රළපනාව,රළපැන්නුම, සළපනාව යන නම්වලින් හදුන්වයි.
පිටවාන
වැවක ජලය අධිකවන විට වැව් බැම්ම ආරක්ෂා කිරීමට හා අතිරික්ත ජලය පිටට ගලායාමට ඉඩ සලසා ඇති ස්ථානය පිටවාන ලෙස හදුන්වයි.
මෙය වැව් බැම්මේ කෙලවරක බැම්මේ මට්ටමට පහතින් ගල් පුවරු අල්ලා කපොල්ලක් ලෙස සාදයි.
සොරොව්ව
වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව ලෙස හදුන්වයි. වැවේ
ජල මට්ටම ඉහල තිබෙන විට ජලය ඉවත් කිරීම සඳහා සාදා ඇති සොරොව්ව ගොඩ සොරොව්ව ලෙසද, වැව් බැම්මේ වඩා පහල මට්ටමකින් පිහිටුවා ඇති සොරොව්ව මඩ සොරොව්ව ලෙසද හඳුන්වයි.
බිසෝ කොටුව
පැරණි වාරි කර්මාන්තයේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස බිසෝ කොටුව හඳුන්වයි. සොරොව්වේ වැව් ඉව්රත් ජලමට්ටමත් එක්වන තැන ගැඹුරු හතරැස් ළිඳක් හැටියට තනා ඇති බිසෝ කොටුව මගින් ජලය පිටත්ට ගලා යාමේදී වැව් බැම්මට ඇතිවන පීඩනය පාලනය කිරීමෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.