Wednesday, October 8, 2008

මහා විහාරයේ දියුණුවට උදව් කළ රජවරු

දේවානම් පියතිස්ස රජතුමා ආරම්භ කළ මහා විහාරය ආරාම සංකීර්ණය දියුණු කිරීමට දුටුගැමුණු රජතුමා විශේෂ ඇල්මක් දැක්වීය.
මේ රජතුමා මිත්‍යාදෘෂ්ටිකයන් බැහැර කොට ශාසනෝපකාර සඳහා මහා විහාරය කරවා පූජා කළේය.
(මහා වංශය)
සද්ධාතිස්ස රජතුමා ද මහා විහාර භූමියේ දක්ෂිණගිරි විහාරය ආරම්භ කළ අතර මහාථූපයේ වැඩ අවසන් කළ්ය. යොදුනෙන් යොදුන වෙහෙර ඉදිකල බව සඳහන් වේ. (මෙතෙක් මේවා හදුනාගෙන නැත.)
ලඤ්ජතිස්ස රජ ද මහා විහාර සංකීර්ණයට දාන ශාලා, ප්‍රතිමා, ධාතු ඝර එකතු කළේය.
බුද්ධදාස රජු මොනර පිරිවෙන ඉදිකල බවට සඳහන් වේ.
භාතිකාභය තිස්ස රජ මහා විහාරය වටා තවත් සංවර්දනය කලේය.
කණිට්ඨ තිස්ස රජ එම ප්‍රකාරය තවත් සංවර්ධනය කලේය.
මහසෙන් රජුගේ අනවබෝධ ක්‍රියා කලාපය නිසා මුලදී මහා විහාරයට විරුද්ධ වුවත් පසුව මහා විහාරයේ ඉදිකිරීම් සිදු කළේය.

ප්‍රීතියි! (ලාබාලම සිංහල බ්ලොග්කරු)

ස්තුතියි හැමෝටම!
මට බ්ලොග් එකට එන්න ලැබෙන්නෙ ගෙදර වැඩ කරල තාත්තට පෙන්නුවට පස්සෙ.
ඒ වෙලාවට තමා ඔයාලගේ ප්‍රතිචාර දකින්නෙ.
පමා උනේ ඒකයි.
ගෙදර වැඩ වැඩි දවසට මොනවත් ලියන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.
සු ෴
ඔයා නේද හොයගත්තෙ. ගොඩක් ස්තුතියි.
සුපුන් (සුදාරක) අයියේ,
ස්තුතියි. විස්තර ගොඩක් බ්ලොග් එකට දැම්මා.
අංජන අයියේ,
ගුරුකුලේද?
සුපුන් (බුධාජීව) අයියේ,
විනෝදාංශ - චෙස්, ක්‍රිකට්, අභ්‍යවකාසය
අද ගැජට් ටිකක් දැම්ම ඒවායේ. (ගොඩක් වෙලා ගියා - තාත්ත තමා අන්තිමටම උදව් කලේ)
ලියෝ අයියද? අක්කද?
අංජන අයිය බූන්දි කන්නෙත් සිංහලෙන් වගේ මට සිංගිරිසියෙන් සැර කලාට!
pvgm (කොටියා)
ගොඩක් ස්තුතියි. මට ලොකු හයියක් ඔයාලගේ අදහස්!
ප්‍රභාශ්වර අයියේ,
ස්තුතියි. මම තාත්තගෙන් අහල චැට් කරන්න එන්නම්.