Saturday, October 25, 2008

ප්‍රදර්ශනයක් නැරඹීමට ගියෙමි


එම ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේ කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේදීය. මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා මමත් මගේ මිතුරනුත් සහභාගී වූවෙමු. කෟෂිකර්මය, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කාර්මික විද්‍යාව, සෞන්දර්ය අංශය, වඩු කර්මාන්තය වැනි බොහෝ අංශයන්ගෙන් ප්‍රදර්ශන කුටි රාශියක් එහි වෙන්කර තිබිණි. ප්‍රදර්ශනය තව තවත් අලංකාර කරමින් සැහැල්ලු හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා තිබුණි.

ප්‍රදර්ශන කුටි අතර කෟෂිකර්මයට වෙන්කර තිබූ කුටියේ වී වගාවට හානි සිදුකරන පකෂීන්, සිවුපාවුන් පලවා හැරීම සඳහා ඇටවුමක් නිර්මාණය කර තිබුණි. එය මාගේ සිත්ගත් අංගයක් විය.

සශෂ - 5 ශිෂ්‍යත්ව සම්මාන උළෙල - 2008

5 ශිෂ්‍යත්ව විභාගයෙන්, 2007 වසරේදී සමත් වූ (මමත් ඇතුළුව) 40 දෙනාටත්, 2008 වසරේදී සමත් වූ 57 දෙනාටත් සම්මාන පිරිනැමීම සඳහා, 2008.10.27 දින පැවත්වීමට නියමිත උත්සවයක් සඳහා දෙකටන සශෂ ආයතනය විසින් මා වෙත ආරාධනා කොට ඇත. සශෂ ආයතනයේ දුෂ්මන්ත හා චමින්ද ගුරුතුමන්ලාට මාගේ ගෞරව සම්ප්‍රයුක්ත ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.