Tuesday, October 21, 2008

දුටුගැමුණු රජතුමාගේ ආර්ථික සේවය.

• තිස්ස කුමාරයා දිගාමඩුල්ල ජනපදයට යවා එහි කෘෂිකාර්මික කටයුතු කර එම ප්‍රදේශය සංවර්ධනය කරන ලදී.
• ගැමුණු කුමරු කොත්මලේ සිටි කාලයේ දී කුඹුරු අස්වද්වා කෙත්වතු සරුසාර කරන ලදී.
• දසමහා යෝදයන් විවිධ ප්‍රදේශවලට යවා කෘෂිකාර්මික කටයුතු සිදුකරන ලදී.
• දුටුගැමුණු රජුගේ කාලයේ දියුණු විදේශ වෙළඳාමක් ද පැවතිනි.
• අවි ආයුධ නිශ්පාදනයද දියුණු තත්වයක පැවතිනි.
• උළු, ගඩොල් පිළිස්සීම රන් රිදී කර්මාන්තද මෙම යුගයේ දියුණු තත්වයක පැවතිනි.
• එනම් ඒ ගැන දන්නා ශිල්පීන්ද සිටින ලදී.
• දුටුගැමුණු රජතුමා රටේ අභ්‍යන්තර වෙළඳාම දියුණු කිරීමට කටයුතු කරන ලදී.
• ජනප්‍රවාදවල සඳහන් පරිධි මහියංගනයේ ඇති සොරබොර වැව දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දැයි සැලකේ.
• ඉහත කරුණු අනුව දුටුගැමුණු රජතුමා අප රටට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි.