Thursday, October 30, 2008
ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කිරීම.
මම පාසැලේදී ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා විශයේදී රූපණ යන පාඩමට අදාලව ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කිරීම යන මාතෘකාව යටතේ මෙම ස්ටෙන්සිල් ක්‍රමයට මුද්‍රනය කලෙමි. මා ඒ ආකාරයට රෙදි කැබැල්ලක් මත මුද්‍රනය කළ රූපයකි මේ.
Sunday, October 26, 2008
Saturday, October 25, 2008
ප්‍රදර්ශනයක් නැරඹීමට ගියෙමි
එම ප්‍රදර්ශනය පවත්වනු ලැබුවේ කැලණිය ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයේදීය. මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා මමත් මගේ මිතුරනුත් සහභාගී වූවෙමු. කෟෂිකර්මය, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, කාර්මික විද්‍යාව, සෞන්දර්ය අංශය, වඩු කර්මාන්තය වැනි බොහෝ අංශයන්ගෙන් ප්‍රදර්ශන කුටි රාශියක් එහි වෙන්කර තිබිණි. ප්‍රදර්ශනය තව තවත් අලංකාර කරමින් සැහැල්ලු හෙලිකොප්ටරයක් ගොඩ බස්සවා තිබුණි.
ප්‍රදර්ශන කුටි අතර කෟෂිකර්මයට වෙන්කර තිබූ කුටියේ වී වගාවට හානි සිදුකරන පකෂීන්, සිවුපාවුන් පලවා හැරීම සඳහා ඇටවුමක් නිර්මාණය කර තිබුණි. එය මාගේ සිත්ගත් අංගයක් විය.
සශෂ - 5 ශිෂ්‍යත්ව සම්මාන උළෙල - 2008
5 ශිෂ්‍යත්ව විභාගයෙන්, 2007 වසරේදී සමත් වූ (මමත් ඇතුළුව) 40 දෙනාටත්, 2008 වසරේදී සමත් වූ 57 දෙනාටත් සම්මාන පිරිනැමීම සඳහා, 2008.10.27 දින පැවත්වීමට නියමිත උත්සවයක් සඳහා දෙකටන සශෂ ආයතනය විසින් මා වෙත ආරාධනා කොට ඇත. සශෂ ආයතනයේ දුෂ්මන්ත හා චමින්ද ගුරුතුමන්ලාට මාගේ ගෞරව සම්ප්‍රයුක්ත ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.
Friday, October 24, 2008
ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟය
2008.10.25 දින පැවැත්වෙන ඉතිහාසය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරඟයක් සඳහා අප විද්‍යාලය නියෝජවය කිරීමේ අවස්ථාව මටද හිමිවී ඇත.
Thursday, October 23, 2008
මහවැලි ගංඟා
විෂය - සිංහල
පාඩම - මහවැලි ගංඟා
මා හැදූ කවිය
සමනලගිරි මුදුනින් ඇරඹෙන මහවැලි ගංඟා
කඳුරට තැනිරට සිපගලනා මහවැලි ගංඟා
රජරට කෙත්වතු සරසන මහවැලි ගංඟා
ත්‍රී'මලයෙන් මුහුදට එළඹෙන මහවැලි ගංඟා
පාඩම - මහවැලි ගංඟා
මා හැදූ කවිය
සමනලගිරි මුදුනින් ඇරඹෙන මහවැලි ගංඟා
කඳුරට තැනිරට සිපගලනා මහවැලි ගංඟා
රජරට කෙත්වතු සරසන මහවැලි ගංඟා
ත්‍රී'මලයෙන් මුහුදට එළඹෙන මහවැලි ගංඟා
Tuesday, October 21, 2008
දුටුගැමුණු රජතුමාගේ ආර්ථික සේවය.
• තිස්ස කුමාරයා දිගාමඩුල්ල ජනපදයට යවා එහි කෘෂිකාර්මික කටයුතු කර එම ප්‍රදේශය සංවර්ධනය කරන ලදී.
• ගැමුණු කුමරු කොත්මලේ සිටි කාලයේ දී කුඹුරු අස්වද්වා කෙත්වතු සරුසාර කරන ලදී.
• දසමහා යෝදයන් විවිධ ප්‍රදේශවලට යවා කෘෂිකාර්මික කටයුතු සිදුකරන ලදී.
• දුටුගැමුණු රජුගේ කාලයේ දියුණු විදේශ වෙළඳාමක් ද පැවතිනි.
• අවි ආයුධ නිශ්පාදනයද දියුණු තත්වයක පැවතිනි.
• උළු, ගඩොල් පිළිස්සීම රන් රිදී කර්මාන්තද මෙම යුගයේ දියුණු තත්වයක පැවතිනි.
• එනම් ඒ ගැන දන්නා ශිල්පීන්ද සිටින ලදී.
• දුටුගැමුණු රජතුමා රටේ අභ්‍යන්තර වෙළඳාම දියුණු කිරීමට කටයුතු කරන ලදී.
• ජනප්‍රවාදවල සඳහන් පරිධි මහියංගනයේ ඇති සොරබොර වැව දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දැයි සැලකේ.
• ඉහත කරුණු අනුව දුටුගැමුණු රජතුමා අප රටට විශාල සේවයක් කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකි.

Monday, October 20, 2008
අනුරාධපුර යුගයේ වෙනත් ආගම්
(විෂය:-ඉතිහාසය / පාඩම:-අනුරාධපුර රාජධානි සමයේ පැවති ආගමික මධ්‍යස්ථාන)
බුදුදහම ලංකාවට පැමිණීමට පෙර ලාංකීය වැසියන් විවිධ ආගම් අදහන ලදී. උදාහරණ වශයෙන් ඉර හඳ වැනි ස්වභාවික වස්තූන්, යක්ෂයන්, නාගයින් විවිධ දෙවියන් උදෙසා පුද පූජා පවත්වන ලදී. එමෙන්ම බ්‍රාහ්මණ ආගමද ලංකාවේ පැවති බව ඉතිහාසයේ සඳන් වේ.
උදා:-
1.පණ්ඩුකාභය කුමරුගේ ගුරුතුමා කණ්ඩුල බ්‍රාහ්මණයායි.
2.වලගම්බා රජුගේ කාලයේ තීය නම් බ්‍රාහ්මණයෙක් කැරැල්ලක් ඇතිකරන ලදී.
3.හින්දු හා ජෛන ආගම්ද ලාංකීය ජනතාව අදහන ලදී .
4.හින්දු ආගමේ ප්‍රධානියා ශිව දෙවියන් වන අතර ලංනාවේ මහාතිත්ථ, ගෝකණ්ණ හා අනුරාධපුර ප්‍රදේශවල ශිව දේවාල පැවති බවට සාක්ෂි හමුවී ඇත.
5.බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර, ත්‍රිමූර්තිය හා පත්තිනි, ගණදෙවි ආදී දේව වන්දනා ජනප්‍රියව පැවති බවටත් සාක්ෂි ඇත.
6.හලාවත, මුන්නේශ්වරම්, ත්‍රිකුණාමලය, තිරිකෝණේශවරම්, අනුරාධපුරයේ ලඝුනේශ්වරම් ඇතුළු ශිව කෝවිල් පහක් තිබුණු බවටද තොරතුරු ලැබී අත.එසේම මෙම කෝවිල් දකුණු ඉන්දියාවෙන් පැමිණි අයගේ කටයුතු සඳහා ඉදි කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
7.තම පිය රජුගේ කාලයේ දකුණු ඉන්දියාවට ගෙනගිය සිරකරුවන් 12,000ක් ගෙන ඒමට ඉන්දියාව අක්‍රමණය කළ ගජබා ආපසු පැමිණියේ ඉන්දියාවෙන් පුද්ගලයන් 24,000ක් ද, පත්තිනි සලඹ ද, රැගෙන බව සඳහන් වේ.

Sunday, October 19, 2008
මගේ ඉගැන්වීම්
මම අද මගේ නැන්දගේ පුතාට බ්ලොග් එකක් හදන්න ඉගැන්නුවෙමි. ඔහුගේ නම විදුර තීක්ෂණ ලක්නාත් වේ. විදුර මල්ලී ඉගෙනුම ලබන්නේ කළුකොඳයාව ප්‍රාතමික විද්‍යාලයේ හතර වසරේය. ඉතිහාසයේ රජවරුන් හා ආරක්ෂක හමුදා ක්‍රියාමාර්ග පිළිබඳ දැඩි උනන්දුවක් දක්වන විදුර මල්ලී බුද්ධිමත් අයෙකි.
Wednesday, October 15, 2008
බලය ශක්තිය හා කාර්යය 2
බලය ශක්තිය හා කාර්යය පාඩමේ ක්‍රියාකරකම් තුනෙන් දෙකක් කළා ඊයේ දවස පුරාම.
1. බර ඔසවනය
කුඩා විදුලි මෝටරයකට වියළි කෝෂ දෙකකින් බලය ලබා දීමේ ඇටවුමක් පළමුව සකස් කළා. එම මෝටරයට සවිකළ බොබින් එකකට රබර් වලල්ලකින් තවත් බොබින් එකක් සම්බන්ධ කළා. එය ඇක්සලයකට සවිකොට එම ඇක්සලය කෙලවර එල්ලීමට අවශ්‍ය බර රැඳවීමට හැකි ලෙස ඇටවුම සැකසුවා. (යොදාගත් ඇක්සලයේ අඩුපාඩු නිසා වැඩේ ඒ තරම් සාර්ථක වුණේ නෑ)
2. දුම්රිය සංඥා කුළුණ
ප්ලාස්ටික් අඩි රූලක් දුම්රිය සංඥා කුළුණේ දර්ශකය ලෙස සකස් කරගත්තා. එක් පැත්තකට රබර් පටියක් යොදා තිරස්ව සිටින සේ අටවා ගත්තා. යකඩ ඇනයකට තඹ කමිබියක් කොයිලය සේ ඔතා එයට විදුලිය සැපයූවා. අඩි රූලේ කෙලවරට එල්ලූ යකඩ කෑල්ල විදුලි චුම්බකය දෙසට ඇදී ඒමෙන් දුම්රියට සංඥාව ලබා දෙනවා. (ඉතා සාර්තක නිර්මාණයක් ලෙස අගය කළ ගුරුතුමිය, ආදර්ශකයක් ලෙස එය තබා ගත්තා)
3. හුමාල තලබමනය
(කාලය මදි වීම නිසා අවසන් කිරීමට නොහැකි වුණා.)

Sunday, October 12, 2008
පරිගණක අධ්‍යාපනය
අපි පාසැලේදී MS Word විතරයි තවම ඉගෙන ගෙන තියෙන්නෙ. සතියක් ඇර සතියක් පරිගණක විශය හැදෑරීමට එක් කාල පරිඡ්චේදයක් වෙන්වී තිබෙනවා. තව දේවල් ඉගෙනගන්න ගොඩක් ආසයි.
Saturday, October 11, 2008
බලය ශක්තිය හා කාර්යය
ඇඳීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හදුන්වයි.
එදිනෙදා කටයුතුවලදී බලය යොදන අවස්ථා.
බෝලයට ගැසීම.
බෝලය දැමීම.
බයිසිකලය පැදීම.
පිහිනීම.
වතුර ඇඳීම.
ලිවීම.
චිත්‍ර ඇඳීම.
1.
අවස්ථාව
නිශ්චල වස්තුවක් චලනය කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
මඳක් ඉදිරියට චලනය වීම.
2.
අවස්ථාව
චලනය වන වස්තුව නිශ්චල කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
නිශ්චල වීම.
3.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
වේගයෙන් චලනය වීම.
4.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය අඩු කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
වේගය අඩු වීම.
5.
අවස්ථාව
බෝලයට පහරක් ගැසීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
චලනය කරන දිශාව වෙනස් වීම.
6.
අවස්ථාව
ක්ලේ ගුලියේ හැඩය වෙනස් කිරීම.
යොදන බලය
ඇඳීම, තල්ලු කිරීම.
එම බලයේ ඵලය
හැඩය වෙනස් වීම.
බලයක් යෙදීමෙන් වස්තුවකට සිදුවන බලපෑම්.
නිශ්චල වස්තුව චලනය වීම.
චලනය වන වස්තුවක් නිශ්චල වීම.
චලනය වන වස්තුවක වේගය වැඩි වීම.
චලනය වන වස්තුවක වේගය අඩු වීම.
චලනය වන වස්තුවක දිශාව වෙනස් වීම.
වස්තුවක හැඩය වෙනස් වීම.
එදිනෙදා කටයුතුවලදී බලය යොදන අවස්ථා.
බෝලයට ගැසීම.
බෝලය දැමීම.
බයිසිකලය පැදීම.
පිහිනීම.
වතුර ඇඳීම.
ලිවීම.
චිත්‍ර ඇඳීම.
1.
අවස්ථාව
නිශ්චල වස්තුවක් චලනය කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
මඳක් ඉදිරියට චලනය වීම.
2.
අවස්ථාව
චලනය වන වස්තුව නිශ්චල කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
නිශ්චල වීම.
3.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය වැඩි කිරීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
වේගයෙන් චලනය වීම.
4.
අවස්ථාව
චලනය වන වස්තුවක වේගය අඩු කිරීම.
යොදන බලය
ඇඳීම.
එම බලයේ ඵලය
වේගය අඩු වීම.
5.
අවස්ථාව
බෝලයට පහරක් ගැසීම.
යොදන බලය
තල්ලු කිරීම.
එම බලයේ ඵලය
චලනය කරන දිශාව වෙනස් වීම.
6.
අවස්ථාව
ක්ලේ ගුලියේ හැඩය වෙනස් කිරීම.
යොදන බලය
ඇඳීම, තල්ලු කිරීම.
එම බලයේ ඵලය
හැඩය වෙනස් වීම.
බලයක් යෙදීමෙන් වස්තුවකට සිදුවන බලපෑම්.
නිශ්චල වස්තුව චලනය වීම.
චලනය වන වස්තුවක් නිශ්චල වීම.
චලනය වන වස්තුවක වේගය වැඩි වීම.
චලනය වන වස්තුවක වේගය අඩු වීම.
චලනය වන වස්තුවක දිශාව වෙනස් වීම.
වස්තුවක හැඩය වෙනස් වීම.
Wednesday, October 8, 2008
මහා විහාරයේ දියුණුවට උදව් කළ රජවරු
දේවානම් පියතිස්ස රජතුමා ආරම්භ කළ මහා විහාරය ආරාම සංකීර්ණය දියුණු කිරීමට දුටුගැමුණු රජතුමා විශේෂ ඇල්මක් දැක්වීය.
මේ රජතුමා මිත්‍යාදෘෂ්ටිකයන් බැහැර කොට ශාසනෝපකාර සඳහා මහා විහාරය කරවා පූජා කළේය.
(මහා වංශය)
සද්ධාතිස්ස රජතුමා ද මහා විහාර භූමියේ දක්ෂිණගිරි විහාරය ආරම්භ කළ අතර මහාථූපයේ වැඩ අවසන් කළ්ය. යොදුනෙන් යොදුන වෙහෙර ඉදිකල බව සඳහන් වේ. (මෙතෙක් මේවා හදුනාගෙන නැත.)
ලඤ්ජතිස්ස රජ ද මහා විහාර සංකීර්ණයට දාන ශාලා, ප්‍රතිමා, ධාතු ඝර එකතු කළේය.
බුද්ධදාස රජු මොනර පිරිවෙන ඉදිකල බවට සඳහන් වේ.
භාතිකාභය තිස්ස රජ මහා විහාරය වටා තවත් සංවර්දනය කලේය.
කණිට්ඨ තිස්ස රජ එම ප්‍රකාරය තවත් සංවර්ධනය කලේය.
මහසෙන් රජුගේ අනවබෝධ ක්‍රියා කලාපය නිසා මුලදී මහා විහාරයට විරුද්ධ වුවත් පසුව මහා විහාරයේ ඉදිකිරීම් සිදු කළේය.

ප්‍රීතියි! (ලාබාලම සිංහල බ්ලොග්කරු)
ස්තුතියි හැමෝටම!
මට බ්ලොග් එකට එන්න ලැබෙන්නෙ ගෙදර වැඩ කරල තාත්තට පෙන්නුවට පස්සෙ.
ඒ වෙලාවට තමා ඔයාලගේ ප්‍රතිචාර දකින්නෙ.
පමා උනේ ඒකයි.
ගෙදර වැඩ වැඩි දවසට මොනවත් ලියන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.
සු ෴
ඔයා නේද හොයගත්තෙ. ගොඩක් ස්තුතියි.
සුපුන් (සුදාරක) අයියේ,
ස්තුතියි. විස්තර ගොඩක් බ්ලොග් එකට දැම්මා.
අංජන අයියේ,
ගුරුකුලේද?
සුපුන් (බුධාජීව) අයියේ,
විනෝදාංශ - චෙස්, ක්‍රිකට්, අභ්‍යවකාසය
අද ගැජට් ටිකක් දැම්ම ඒවායේ. (ගොඩක් වෙලා ගියා - තාත්ත තමා අන්තිමටම උදව් කලේ)
ලියෝ අයියද? අක්කද?
අංජන අයිය බූන්දි කන්නෙත් සිංහලෙන් වගේ මට සිංගිරිසියෙන් සැර කලාට!
pvgm (කොටියා)
ගොඩක් ස්තුතියි. මට ලොකු හයියක් ඔයාලගේ අදහස්!
ප්‍රභාශ්වර අයියේ,
ස්තුතියි. මම තාත්තගෙන් අහල චැට් කරන්න එන්නම්.

Monday, October 6, 2008
Thursday, October 2, 2008
මහා විහාරය
මුටසිව රජතුමා විසින් කරවන ලද මහමෙවුනා උයන දේවානම් පියතිස්ස රජතුමා විසින් සඟ සතු කොට පූජා කරන ලදී. මෙහි සංඝමිත්තා තෙරණිය විසන් ගෙන එන ලද ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාකාවද මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. මෙහි ථූපාරාමය, රුවන්වැල මහා සෑය, ලෝවාමහාපාය, අභයගිරිය, මිරිසවැටිය, ඡේතවනාරාමය, ශ්‍රී මහා බෝධිය යන පූජනීය ස්ථානද මෙම මහා විහාර භූමියට ඇතුලත් වේ.
දුටුගැමුණු රජතුමාගේ ඇතිවූ ආගමික දියුණුව හා ප්‍රබෝධය නිසා මහා විහාර භූමියේ මහා ථූපය හෙවත් රුවන්වැලි සෑය මිරිසවැටිය ද දුටුගැමුණු රජතුමා විසින් මහා විහාර භූමියේ ඉදිකරන ලදී.
මීට අමතරව මහානාම හිමියන් විසින් මහා වංශය රචනා කරන ලද්දේද මහා විහාර භූමියේදීය.
මහා විහාරය ලෝකයේ විශාලතම බෞද්ධ මධ්‍යස්තානයක් වූ අතර බෞද්ධ පොතපතද ලියන ලදී.

Wednesday, October 1, 2008
මම ලියූ කවි
උතුර නැගෙනහිරත් අපේ
දකුණේ සියොලුනොත් අපේ
පබලු පොටේ සැවෙම අපේ
තුන් සිංහලයම අපේ අපේ
සිරි ලංකා දූදරු වෝ
රට රකිනා රණවිරු වෝ
සුරු විරු වූ හමුදා වෝ
රටට සවිය ගෙනදෙන වෝ
දකුණේ සියොලුනොත් අපේ
පබලු පොටේ සැවෙම අපේ
තුන් සිංහලයම අපේ අපේ
සිරි ලංකා දූදරු වෝ
රට රකිනා රණවිරු වෝ
සුරු විරු වූ හමුදා වෝ
රටට සවිය ගෙනදෙන වෝ
Subscribe to:
Posts (Atom)