Monday, October 20, 2008

අනුරාධපුර යුගයේ වෙනත් ආගම්

(විෂය:-ඉතිහාසය / පාඩම:-අනුරාධපුර රාජධානි සමයේ පැවති ආගමික මධ්‍යස්ථාන)
බුදුදහම ලංකාවට පැමිණීමට පෙර ලාංකීය වැසියන් විවිධ ආගම් අදහන ලදී. උදාහරණ වශයෙන් ඉර හඳ වැනි ස්වභාවික වස්තූන්, යක්ෂයන්, නාගයින් විවිධ දෙවියන් උදෙසා පුද පූජා පවත්වන ලදී. එමෙන්ම බ්‍රාහ්මණ ආගමද ලංකාවේ පැවති බව ඉතිහාසයේ සඳන් වේ.

උදා:-
1.පණ්ඩුකාභය කුමරුගේ ගුරුතුමා කණ්ඩුල බ්‍රාහ්මණයායි.
2.වලගම්බා රජුගේ කාලයේ තීය නම් බ්‍රාහ්මණයෙක් කැරැල්ලක් ඇතිකරන ලදී.
3.හින්දු හා ජෛන ආගම්ද ලාංකීය ජනතාව අදහන ලදී .
4.හින්දු ආගමේ ප්‍රධානියා ශිව දෙවියන් වන අතර ලංනාවේ මහාතිත්ථ, ගෝකණ්ණ හා අනුරාධපුර ප්‍රදේශවල ශිව දේවාල පැවති බවට‍ සාක්ෂි හමුවී ඇත.
5.බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර, ත්‍රිමූර්තිය හා පත්තිනි, ගණදෙවි ආදී දේව වන්දනා ජනප්‍රියව පැවති බවට‍ත් සාක්ෂි ඇත.
6.හලාවත, මුන්නේශ්වරම්, ත්‍රිකුණාමලය, තිරිකෝණේශවරම්, අනුරාධපුරයේ ලඝුනේශ්වරම් ඇතුළු ශිව කෝවිල් පහක් තිබුණු බවටද තොරතුරු ලැබී අත.එසේම මෙම කෝවිල් දකුණු ඉන්දියාවෙන් පැමිණි අයගේ කටයුතු සඳහා ඉදි කරවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
7.තම පිය රජුගේ කාලයේ දකුණු ඉන්දියාවට ගෙනගිය සිරකරුවන් 12,000ක් ගෙන ඒමට ඉන්දියාව අක්‍රමණය කළ ගජබා ආපසු පැමිණියේ ඉන්දියා‍වෙන් පුද්ගලයන් 24,000ක් ද, පත්තිනි සලඹ ද, රැගෙන බව සඳහන් වේ.

4 comments:

  1. මම හිතාගෙන හිටියේ පොළොන්නරු යුගයෙන් තමා වෙන ආගම් පටන් ගත්තේ කියල. මොකද පොළොන්නරුවෙදි අපි දේවාල වල නටඹුන් දැක්කට මට මතක නැහැ අනුරාධපුරේ දේවාල වල නටඹුන් තියෙනවා

    ReplyDelete
  2. දේවාල වල නටඹුන් නැති වුණත් (මම හරියටම දන්නෙ නෑ නැතිද කියල) සංඝමිත්තා තෙරණින්වහන්සේ වැඩිය පාරේ 'සිවි ශාලාවක්' ගැන සඳහනක් මහා වංශයේ තිබෙන බවත්, ඒ 'සිවි ශාලාව' සිව ආගමට සම්බන්ධ දෙයක් බවටත් මත ප්‍රකාශ වී ඇති බව තාත්තා කීවා.

    ReplyDelete
  3. පොඩි නිවැරදි කිරීමක්. සමහර විට ටයිප් කරද්දී වැරදුනා වෙන්න පුළුවන්

    පණ්ඩුකාභය කුමරුගේ ගුරුතුමා කණ්ඩුල නොව "පණ්ඩුල" බ්‍රාහ්මණයා විය යුතුයි.

    ReplyDelete
  4. සුදාරක අයියා හරි.
    ටයිප් කරද්දි වුණු වැරද්දක් නෙමේ, මම වැරදියට ඒ නම හිතාගෙන හිටියේ. නියම නම 'පණ්ඩුල'. පාඩම් පොතෙත් තියෙනවා.
    (අපේ මාම කෙනෙක් ඉන්නවා 'කණ්ඩු' කියල. මගේ කණට හුරු ඒනම නිසා වෙන්න ඇති). ගොඩක් ස්තුතියි සුදාරක අයියේ.

    ReplyDelete