Tuesday, September 30, 2008

යහපත් පුරවැසියකු වශයෙන් සමාජයේ ජීවත් වීමට අවශ්‍ය ගුණාංග

හොඳ පුරවැසියකු වශයෙන් ජීවත් වීමට අවශ්‍ය ආකල්ප කුසලතා සංවර්ධනය කර ගත යුතුය. එසේ නොකළහොත් එය සමාජයේ යහ පැවැත්මට අහිතකර අන්දමින් බලපානු ලැබේ. සමාජය වෙනස් වීමත් සමග අප පුද්ගලයන්ගේ ගතිගුණ හා චරියාවන්ද වෙනස් වේ. එහෙත් පුරවැසියකු වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග රාශියක් ඇත.

Saturday, September 27, 2008

මහගම සේකර මහතා

මෙතුමා 1929 දී සියනෑ කෝරලයේ රදාවාන නම් ගමේදී උපත ලබා ඇත. ඉන් පසුව මෙතුමා කිරිඳිවැල රජයේ විදුහලින් අධ්‍යාපනය හදාරා ගුරුවරයකු වශයෙන් අනුපමේය සේවයක් ඉටුකරන ලදී. මොහුට විවිධ ක්‍ෂෙත්‍රයන් පිළිබඳ පුළුල් හැකියාවන් ඇත්තෙකි.
එබැවින් ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු ලෙසත් විශිෂ්ට කවියෙක ලෙසත් ප්‍රබුද්ධ ගීත රචකයෙකු ලෙසත් නව කථා රචකයෙකු ලෙසත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙසත් ක්‍රියා කොට ඇත.

Monday, September 22, 2008

අපට සේවාවන් ඉටුවන ආයතන

පාසල-
  1. අධ්‍යාපනය ලබාදීම.
  2. සංස්කෘතිය පවරාදීම.
  3. දැනුම,ආකලප,කුසලතා වර්ධනය කිරීම.
  4. යහපත් පුරවැසියෙකු බිහිකිරීම.

    රෝහල-
    1. සෞඛ‍්‍ය පහසුකම් ලබාදීම.
    2. බෙහෙත් එන්නත් ලබාදීම.
    3. ප්‍රතිකාර කිරීම.
    4. ලෙඩ රෝග පිළිබඳ දැනුවත් කිරීම.

    පොලීසිය-
    1. නීතිය හා සාමය රැකීම.සමාජ සේවා කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

Sunday, September 21, 2008

අග්‍රසාවකයනන්වහන්සේලා

බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරු පිරිනමා ඇත්තේ සැරියුත්,මුගලන් යන මහ රහතන් වහන්සේ දෙනමටයි. උන් වහන්සේ දෙදෙනාගේ ගිහිකල නම්,
කෝලිත,උපතිස්ස යන පරිබ්‍රාජකයන දෙදෙනායි.

Saturday, September 20, 2008

මෙය විදුලිබිල පිරිමැසීම ගැනයි




මම ඊයේ රාත්‍රි යේ ප්‍රවෘත්ති බලමින් සිටසයදී ප්‍රවෘත්තිවලින් පැවසූ කරුනකි මේ,
‘විදුලිබිල 50% කින් අඩුකරගැනීම සඳහා ශීතකරනය සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක තැබීම නුවනට හුරු බව පැවසීය.’

එමනිසා තාත්තා සහ මම එකතු වී ශීතකරනය සූර්යාලෝකය නොවැටෙන ස්ථානයක තැබුවෙමු.

Friday, September 19, 2008

වැවක කොටස්

වැව් බැම්ම

වැවේ ප්‍රධාන අංගයයි. එකිනෙකට ලංව පිහිටි කදුගැට දෙකක් යාකොට ගංගාව හරස් කොට බදිනු ලබන ශක්තිමත් බැම්ම වැව් බැම්ම‍ ලෙස හදුන්වයි.
මෙම බැම්ම නිසා ජලය එක්රැස් වීමෙන් වැවබිහිවේ.
රළපනාව
වැව් බැම්ම ශක්තිමත් කිරීමට හා සේදීයාම වලක්වා ආරක්ෂා කිරීමට වැව් බැම්මේ ඇතුල්පැත්තේ කාදමේ පැතලි කළුගල් පුවරු අතුරයි. එම කළුගල් පුවරු රළපනාව,රළපැන්නුම, සළපනාව යන නම්වලින් හදුන්වයි.
පිටවාන
වැවක ජලය අධිකවන විට වැව් බැම්ම ආරක්ෂා කිරීමට හා අතිරික්ත ජලය පිටට ගලායාමට ඉඩ සලසා ඇති ස්ථානය පිටවාන ලෙස හදුන්වයි.
මෙය වැව් බැම්මේ කෙලවරක බැම්මේ මට්ටමට පහතින් ගල් පුවරු අල්ලා කපොල්ලක් ලෙස සාදයි.
සොරොව්ව
වැවකින් ජලය පිටකරන විවරය සොරොව්ව ලෙස හදුන්වයි. වැවේ
ජල මට්ටම ඉහල තිබෙන විට ජලය ඉවත් කිරීම සඳහා සාදා ඇති සොරොව්ව ගොඩ සොරොව්ව ලෙසද, වැව් බැම්මේ වඩා පහල මට්ටමකින් පිහිටුවා ඇති සොරොව්ව මඩ සොරොව්ව ලෙසද හඳුන්වයි.
බිසෝ කොටුව
පැරණි වාරි කර්මාන්තයේ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස බිසෝ කොටුව හඳුන්වයි. සොරොව්වේ වැව් ඉව්රත් ජලමට්ටමත් එක්වන තැන ගැඹුරු හතරැස් ළිඳක් හැටියට තනා ඇති බිසෝ කොටුව මගින් ජලය පිටත්ට ගලා යාමේදී වැව් බැම්මට ඇතිවන පීඩනය පාලනය කිරීමෙන් වැව් බැම්ම ආරක්ෂා වේ.

Thursday, September 18, 2008

රජවරුන්ගේ වාරිකර්මාන්ත

වසභ ර‍‍‍‍ජු (ක්‍රි.ව.65- 119)

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. මහවිලච්චිය (මහවිලච්චිය)
2. නොච්චිපත්තාන (නොච්චිපත්තාන)
3. මහා කුටිය (මහා කුටිය)
4. හිරිවඩුන්න
5. කාලියවඩනතවත් වැව් 6 කි.

ඉදිකළ ඇළ මාර්ග
ඇළහැර ඇළ ඇතුළුව ඇළමාර්ග 12 කි.

මහසෙන් ර‍‍‍‍ජු (ක්‍රි.ව.275- 303)

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. මින්නේරිය (මින්නේරිය)
2. මහකනදරාව
3. මාමිනියා (මාමිනියා)
4.‍ මහරන්මපල්
5. මහාදාර ගල්ල (මහාදාර ගල්ල)
6. මහමින්යාව
7. ගුරුළු වැව

ඉදිකළ ඇළ
මාර්ගපබ්බත ඇළ

ධාතුසේන ර‍‍‍‍ජු (ක්‍රි.ව.457- 477)

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. බසවක්කුලම(බසවක්කුලම)
2. මනාමුතු වැව (මනාමුතු වැව )
3. බළලු වැව (බළලු වැව )
4. සංගමුව වැව

ඉදිකළ ඇළ මාර්ග
යෝධ ඇළ
මහ ගඟ
ජය ගඟ

i වන අග්බෝ ර‍‍‍‍ජු (ක්‍රි.ව.575- )

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. මාවඩුව
2. සිරිවඩ්ඩමාණය (සිරිවඩ්ඩමාණය )
3. කුරුඳු (කුරුඳු)
4. මිහින්තලේ (මිහින්තලේ)
5. මිනිපේ වේල්ල
6. කන්තලේ (කන්තලේ)
7. වලස් වැව

iiවන අග්බෝ ර‍‍‍‍ජු (ක්‍රි.ව.)

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. ගිරිතලේ (ගිරිතලේ )
2. හත්තොට අමුණ
3. පදවිය

මුගලන් ර‍‍‍‍ජු (ක්‍රි.ව.)

ඉදිකළ වැව්
පුරාතන නාමය (නූතන නාමය)
1. පන්පහන් (නාච්චිදූව )

Tuesday, September 16, 2008

අද ඊයේ කියවූ පොත්



සිංහල දනව්ව 1 හා 2 කොටස්
(ඩී. මහීපාල කටුවාවල)

ලෙනින්ගේ ළමා විය හා යොවුන් විය
(ඒ. උල්යානෝවා; පරිවර්තනය කේ. පී. නිහාල්නන්ද)

පුංචි හපන්නු
(චින්තිකා ප්‍රභාෂිණි ගුණසේකර)

බ්ලොග් එකක් හැදුවෙමි-I create a Blog!

අද මම බ්ලොග් එකක් හදන හැටි ඉගෙන ගතිමි.
දිනපතා හෝ ඉඩ ලැබෙන විට,
එදිනෙදා මම ඉගෙන ගන්නා දේවල් මේ බ්ලොග් එකේ ලියන්නෙමි.
ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
එය මගේ අධ්‍යාපනයට රුකුලක් වේ.

Today I studied how to create a Blog.
I want to post every day what I studied.
Please send your comments; it will help me to learn more.

Monday, September 15, 2008

How to create a Blog - බ්ලොග් එකක් හදන හැටි

අද මම බ්ලොග් එකක් හදන හැටි ඉගෙන ගතිමි.
දිනපතා හෝ ඉඩ ලැබෙන විට,
එදිනෙදා මම ඉගෙන ගන්නා දේවල් මේ බ්ලොග් එකේ ලියන්නෙමි.
ඒවා පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න.
එය මගේ අධ්‍යාපනයට රුකුලක් වේ.

Today I studied how to create a Blog.
I want to post every day what I studied.
Please send your comments;
it will help me to learn more.