Thursday, October 2, 2008

මහා විහාරය

මුටසිව රජතුමා විසින් කරවන ලද මහමෙවුනා උයන දේවානම් පියතිස්ස රජතුමා විසින් සඟ සතු කොට පූජා කරන ලදී. මෙහි සංඝමිත්තා තෙරණිය විසන් ගෙන එන ලද ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාකාවද මහමෙවුනා උයනේ රෝපණය කරන ලදී. මෙහි ථූපාරාමය, රුවන්වැල මහා සෑය, ලෝවාමහාපාය, අභයගිරිය, මිරිසවැටිය, ඡේතවනාරාමය, ශ්‍රී මහා බෝධිය යන පූජනීය ස්ථානද මෙම මහා විහාර භූමියට ඇතුලත් වේ.

දුටුගැමුණු රජතුමාගේ ඇතිවූ ආගමික දියුණුව හා ප්‍රබෝධය නිසා මහා විහාර භූමියේ මහා ථූපය හෙවත් රුවන්වැලි සෑය මිරිසවැටිය ද දුටුගැමුණු රජතුමා විසින් මහා විහාර භූමියේ ඉදිකරන ලදී.

මීට අමතරව මහානාම හිමියන් විසින් මහා වංශය රචනා කරන ලද්දේද මහා විහාර භූමියේදීය.

මහා විහාරය ලෝකයේ විශාලතම බෞද්ධ මධ්‍යස්තානයක් වූ අතර බෞද්ධ පොතපතද ලියන ලදී.

1 comment:

  1. චිරාන්
    ඔබේ වයස කීයද ? මොන පාසලේද ඉගෙන ගන්නෙ..

    විස්තර ටිකකුත් කියන්න.
    අපි දිගටම බ්ලොග් සටහන් බලනවා.
    ජය !

    ReplyDelete