Wednesday, October 8, 2008

මහා විහාරයේ දියුණුවට උදව් කළ රජවරු

දේවානම් පියතිස්ස රජතුමා ආරම්භ කළ මහා විහාරය ආරාම සංකීර්ණය දියුණු කිරීමට දුටුගැමුණු රජතුමා විශේෂ ඇල්මක් දැක්වීය.
මේ රජතුමා මිත්‍යාදෘෂ්ටිකයන් බැහැර කොට ශාසනෝපකාර සඳහා මහා විහාරය කරවා පූජා කළේය.
(මහා වංශය)
සද්ධාතිස්ස රජතුමා ද මහා විහාර භූමියේ දක්ෂිණගිරි විහාරය ආරම්භ කළ අතර මහාථූපයේ වැඩ අවසන් කළ්ය. යොදුනෙන් යොදුන වෙහෙර ඉදිකල බව සඳහන් වේ. (මෙතෙක් මේවා හදුනාගෙන නැත.)
ලඤ්ජතිස්ස රජ ද මහා විහාර සංකීර්ණයට දාන ශාලා, ප්‍රතිමා, ධාතු ඝර එකතු කළේය.
බුද්ධදාස රජු මොනර පිරිවෙන ඉදිකල බවට සඳහන් වේ.
භාතිකාභය තිස්ස රජ මහා විහාරය වටා තවත් සංවර්දනය කලේය.
කණිට්ඨ තිස්ස රජ එම ප්‍රකාරය තවත් සංවර්ධනය කලේය.
මහසෙන් රජුගේ අනවබෝධ ක්‍රියා කලාපය නිසා මුලදී මහා විහාරයට විරුද්ධ වුවත් පසුව මහා විහාරයේ ඉදිකිරීම් සිදු කළේය.

1 comment:

  1. එළකිරි!
    දිගටම ලියන්න. ලංකාවේ ඉතිහාසය දැන් ගොඩක් අයට අමතකයි.

    මගෙන් සුභ පැතුම්!

    ReplyDelete