Wednesday, October 8, 2008

ප්‍රීතියි! (ලාබාලම සිංහල බ්ලොග්කරු)

ස්තුතියි හැමෝටම!
මට බ්ලොග් එකට එන්න ලැබෙන්නෙ ගෙදර වැඩ කරල තාත්තට පෙන්නුවට පස්සෙ.
ඒ වෙලාවට තමා ඔයාලගේ ප්‍රතිචාර දකින්නෙ.
පමා උනේ ඒකයි.
ගෙදර වැඩ වැඩි දවසට මොනවත් ලියන්න වෙන්නෙ නෑ. නින්ද යනවා.
සු ෴
ඔයා නේද හොයගත්තෙ. ගොඩක් ස්තුතියි.
සුපුන් (සුදාරක) අයියේ,
ස්තුතියි. විස්තර ගොඩක් බ්ලොග් එකට දැම්මා.
අංජන අයියේ,
ගුරුකුලේද?
සුපුන් (බුධාජීව) අයියේ,
විනෝදාංශ - චෙස්, ක්‍රිකට්, අභ්‍යවකාසය
අද ගැජට් ටිකක් දැම්ම ඒවායේ. (ගොඩක් වෙලා ගියා - තාත්ත තමා අන්තිමටම උදව් කලේ)
ලියෝ අයියද? අක්කද?
අංජන අයිය බූන්දි කන්නෙත් සිංහලෙන් වගේ මට සිංගිරිසියෙන් සැර කලාට!
pvgm (කොටියා)
ගොඩක් ස්තුතියි. මට ලොකු හයියක් ඔයාලගේ අදහස්!
ප්‍රභාශ්වර අයියේ,
ස්තුතියි. මම තාත්තගෙන් අහල චැට් කරන්න එන්නම්.

9 comments:

  1. ආදරණිය පුතේ..
    කවුරුන් හෝ හොදට ලියන්නට හැකි දරුවෙක් දුටුවාම මගේ ඇස් වලට කදුලු එනවා. මමත් ඔය වයසට ඇදි පුටුවක හරහට ලෑල්ලක් දමාගෙන දිගටම ලියල මේ වයසට එනකොට දැනට සිනමා නිර්මාණ තුනක සහ ටෙලිවෘතාන්ත කීපයක තිරරචකයෙක් වෙන්න පුලුවන් උනා. (මං ගැන කිව්වෙ හුවා දක්වන්න නෙවෙයි.උදාහරණයකටයි) පුතේ ලියන්න නං හුගාක් කියවන්න ඕනෙමයි. අතට අහුවෙන සාහිත්‍ය නිර්මාණ අහක නොදා කියවන්න. හිතට එන හැම අදහසක්ම අලුත් කෝණයකින් බලා ලියන්න.
    ලාබාලම ‍බ්ලොග් කරු වන ඔබට මේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

    ReplyDelete
  2. දිගින් දිගටම හැමදාම බ්ලොග් පෝස්ට් ලියන්න හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනව.

    සුභ අනාගතයක්,

    ReplyDelete
  3. නියමයි මලයා. දිගමට ලියමු.

    ReplyDelete
  4. සුබ පැතුම්!. මල්ලි ගෙ ඉගෙනිමේ කටයුතු වලටත් බ්ලොග් එක රුකුලක්‌ වේවා !

    ReplyDelete
  5. එල මලයා,ඔහොම යං ඔහොම යං

    ReplyDelete
  6. ආයුබෝ! :) බ්ලොග් එක ගැන කිව්වාට දැනුයි හරියට බ්ලොග් එක බලලා ලියන්න පුළුවන් වුනේ. කොහේද ඉතින් මට සා.පේ වැදිලා නොවැ. හික් හික්. නියමයි නියමයි! ඔන්න දිගටම ලියන්න ඕනේ. ඒ වගේම... ඔබ පැත්තෙන් ඔයාගේ යාළුවෝ දෙතුන් දෙනෙකුත් ඇදලා ගන්න අමතක කරන්න එහෙම එපා! :)

    ජයෙන් ජය!!

    ReplyDelete
  7. යාළුවන්ටත් කියන්නම්,

    ReplyDelete
  8. හොඳ මල්ලියා...

    ReplyDelete