Wednesday, October 15, 2008

බලය‍ ශක්තිය හා කාර්යය 2

බලය ශක්තිය හා කාර්යය පාඩමේ ක්‍රියාකරකම් තුනෙන් දෙකක් කළා ඊයේ දවස පුරාම.
1. බර ඔසවනය
කුඩා විදුලි මෝටරයකට වියළි කෝෂ දෙකකින් බලය ලබා දීමේ ඇටවුමක් පළමුව සකස් කළා. එම මෝටරයට සවිකළ බොබින් එකකට රබර් වලල්ලකින් තවත් බොබින් එකක් සම්බන්ධ කළා. එය ඇක්සලයකට සවිකොට එම ඇක්සලය කෙලවර එල්ලීමට අවශ්‍ය බර රැඳවීමට හැකි ලෙස ඇටවුම සැකසුවා. (යොදාගත් ඇක්සලයේ අඩුපාඩු නිසා වැඩේ ඒ තරම් සාර්ථක වුණේ නෑ)
2. දුම්රිය සංඥා කුළුණ
ප්ලාස්ටික් අඩි රූලක් දුම්රිය සංඥා කුළුණේ දර්ශකය ලෙස සකස් කරගත්තා. එක් පැත්තකට රබර් පටියක් යොදා තිරස්ව සිටින සේ අටවා ගත්තා. යකඩ ඇනයකට තඹ කමිබියක් කොයිලය සේ ඔතා එයට විදුලිය සැපයූවා. අඩි රූලේ කෙලවරට එල්ලූ යකඩ කෑල්ල විදුලි චුම්බකය දෙසට ඇදී ඒමෙන් දුම්රියට සංඥාව ලබා දෙනවා. (ඉතා සාර්තක නිර්මාණයක් ලෙස අගය කළ ගුරුතුමිය, ආදර්ශකයක් ලෙස එය තබා ගත්තා)
3. හුමාල තලබමනය
(කාලය මදි වීම නිසා අවසන් කිරීමට නොහැකි වුණා.)

3 comments:

  1. Nice and interesting work... y not post some photos or a short clip on YouTube ?

    ReplyDelete
  2. පොඩි කාලෙ ඔය පාඩම් ඉගන ගනිත්දි මට කල්පනා උනේ මෝටරෙන් ඩයිනමෝව කරකවල, ඒ එන කරන්ට්‌ එකෙන් ආපහු මෝටරේ කරකවල සදාසල යන්තරයක්‌ හදන්න.

    ReplyDelete
  3. චන්දිම මට තාම බැරිවුණා ඒ පහසුකම් චිරාන්ට ලබා දෙන්න. පුතා වෙනුවෙන් මම සමාව ඉල්ලනවා

    ReplyDelete