Tuesday, December 9, 2008

විභාග ලකුණු

විභාගෙ ඉවරවෙලත් දැන් ගොඩක් කල්. ආසවෙන් හිටියෙ ලකුණු දෙයි කියලා. ඒත් නිවාඩු දුන්නු දවසෙවත් ලකුණු දුන්නෙ නෑ. හැබැයි අච්චු පොත්නම් දුන්නා. ලබන අවුරුද්දේ ලකුණු ලැබේවි. එතකං බලං ඉන්න වෙනවා. නිවාඩු කාලේ පොත් ‍ටික කියවනවා.

6 comments:

  1. කාලය ඥාණවන්තව ගෙවන්න. පොත් කියවන එක ඉතාම හොඳයි. TV නම් බලන්න එපා පුතේ...

    ReplyDelete
  2. ඔයා දැන් කීය වසරටද යන්න ඉන්නේ?

    ReplyDelete
  3. හරි අපූරු සටහන් පෙලක් . ප්‍රතිචාර දක්වන පලමු අවස්ථාව මං හිතන්නේ. පොත් ටික කියවන එක නං හරිම හොද ඒ වගේම වැදගත් වැඩක්. ඔයාට ලැබුනු පෙළ පොත් ටික හොදින් ආරක්‍ෂා කරන්න . ඒකත් හරිම වැදගත්. දිගටම ලියන්න. සුභ පැතු‍ම්.

    ReplyDelete
  4. ඔන්න පුතේ මම ඔයාට පැන දෙකක් දෙනවා. ඒ දෙක විසඳන්න බලන්න. ඒ දෙක විසඳල ඉවර උනාම මෙහි සඳහන් කරන්න. පුතාලගෙ වෙලාවෙන් රෑ එකට දෙකට පමණ තමයි මම සටහන් කියවන්නෙ.

    1. හරකෙක් උතුරු දෙසට හැරිල තණ කමින් ඉන්නව. උගේ ඔලුව අංශක 10ක් දකුණු දෙසට බරවෙලා තියෙනව. පිට කොන්ද ටිකක් වක්‍රාකාර වෙලා ඉන්නෙ, කකුල් තියාගෙන ඉන්න අන්දමට. ඉදිරිපස වම් කකුලට වැඩිය දකුණු කකුල අඟල් හයක් ඉස්සරහින්. පසුපස වම් කකුලට වැඩිය දකුණු කකුල අඟල් හතරක් පස්සෙන්.

    ඔහොම ඉන්න කොට හරකගෙ වලිගෙ තියෙන්නෙ කොයි පැත්තට හැරිලද?


    ඊලඟ පැනය තියෙන්නෙ ඉංග්‍රිසියෙන්, නමුත් මට ලියන්න වෙලා තියෙන්නෙ සිංහලෙන්. ඉංග්‍රිසියෙන් ලිව්වොත් පැනයක් නැති වෙන නිසා. ඔන්න බලා ගන්න....

    2. දෙයා(ර්) ආ(ර්) ට්වින්ස්. බෝත් බෝයිස්, බෝන් ඉන් මාච්, හැඩ් දෙයා බර්ත් ඩේස් ඉන් ඒප්‍රිල්. වෙන් වන් වොස් ට්වෙන්ටි අද(ර්) වොස් ට්වෙන්ටි ටූ ඇන්ඩ් වන් මැරීඩ් ද අදර්.

    පුතාට ඕන භාෂාවකින් පැනය විසඳන්න. තව විස්තර ඕන නම් මගේ වෙබ් අඩවියට ගිහින් ඊමේල් එකක් එවන්න.

    ReplyDelete
  5. නිවාඩු කාලය අර්ථවත්ව ගතකරන්න.

    ලබන වසරට හොදට සූදානම් වෙන්න.

    ReplyDelete